Nethmi.. වැඩට ගිහින් ඇවිත් මහන්සියට ටිකක් නිදා ගත්තා. බස් එකේ දුර යන එකත් ලේසි වැඩක් නෙවෙයිනේ. කොළඹ යන එකත් ඉතින් ඇත්තටම බැලුවොත් පන යන වැඩක්. මම වැඩ කරනේ කොළඹ කොම්පැනි එකක. මහා ලොකු රස්සාවක් නෙවෙයි. ඔය පොඩි පහේ ජොබ් එකක්. Private තැන වල ඉතින් ඔය රජයේ රස්සා වල වගේ ලොකුවට නිදහසක්, නිවාඩුවක් නැහැනේ. ඒ වගේම වෙලාවට වැඩට එන්න ඕන. මම ඉන්නේ කොළඹින් පිට නිසා එහෙම වෙලාවට ජොබ් එකට යන්න එන්න බෑ ගෙදර ඉඳලා නම්. ඉතින් මම කොළඹට ටිකක් ළඟ තැනක නැවතිලා තමයි වැඩට ගියේ. දවස් පහේම උදේ හතට ගියාම ආයෙත් එනකොට හවස හය වත් වෙනවා. ඒ ආපු ගමන් ඉතින් මහන්සියටම ඉතිරි පැය දෙක තුන ගත වෙනවා. දන්නවනේ ඉතින් නිකමට හරි කොළඹ දවසක් දෙකක් හරි ඉඳලා තියෙන අය කොළඹ කොයි තරම් සීතලද කියලා. කොච්චර සීතලද කියනවා නම් හවස එනකොට මුළු ඇඟ ම දාඩියෙන් තෙත් වෙලා. ඒ මදිවට ඇලෙන තරමට ලුණු ගතිය ඇවිත්. ඉතින් ආපු ගමන් ඇඳගෙන හිටිය හැම ඇඳුමක්ම සෝදලා දාලා නාන්න වෙන එක හැමෝටම වගේ පොදු දෙයක්නේ ඉතින් ඔය වැඩ ටික කරලා ඉවර වෙනකොට හත හමාර විතර වෙලා. ඉතින් ඊට පස්සේ ඔය ටීවී එක යන්තම් බලනකොට දන්නෙම නැතිව නින්ද යනවා. ටීවී එකෙත් ඉතින් බලන්නේ ඔය කයිවාරු තියෙන ටෙල